Search

සමාජ මාධ්‍යයේ Visa සොරකම ගැන සැළකිලිමත් වන්න ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් දැනුම් දී ඇත්තේ වීසා අයදුම්කරුවන් නොමඟ යවන වංචාකාරුවන්ට අයත් සංක්‍රමණ නියෝජිත ආයතනවලින් ප්‍රවේශම් වෙන ලෙසයි.

මෙවැනි වංචනික ක්‍රියා බොහෝදුරට සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

එවැනි සංක්‍රමණ නියෝජිතයන් සහ ආයතන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අයදුම්කරුවන් රටවා වැඩි ගාස්තුවක් අයකර ගන්නා බවයි දැක්වෙන්නේ.

ඔවුන් ලබාදෙන උපදෙස් නීති විරෝධී සහ අයදුම්කරුවන් නොමඟ යවන ඒවා වීම ද කැපී පෙනෙනවා.

ඔබත් සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් හෝ ආයතනයකින් වීසා උපදෙස් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් සංක්‍රමණ නියෝජිතයන් ලියාපදිංචි කිරීමේ අධිකාරියේ (OMARA) ලියාපදිංචි වී සිටින සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් හෝ ආයතනයකින් පමණක් උපදෙස් ලබා ගන්නා ලෙසටයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »