Search

නඩත්තුවට මුදල් නැති වික්ටෝරියාවේ පොදු නාන තටාක

වික්ටෝරියා ප්‍රාන්තය තුළ පවතින පොදු නාන තටාක (Public Pools) වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නැවත අලුත්වැඩියා කළ යුතු බවට හදුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඒවා අලුත්වැඩියා කිරීම සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි දැක්වෙන්නේ.

ප්‍රාන්ත නගර කවුන්සිල් යටතේ පවතින පොදු නාන තටාකවලින් 260 කට වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු 50 ඉක්මවූ ඒවා වන බවට හදුනාගෙන තිබෙනවා.

Royal Life Saving Australia විසින් අවධාරණය කර ඇත්තේ එම නාන තටාකවල වලංගු කාල සීමාව මේ වනවිට අවසන් වී තිබෙන බවයි.

ඇතැම් නගර කවුන්සිල් වලට මෙවැනි නාන තටාකවල නවීකරණ කටයුතු සදහා අයවැයට පරිභාහිරව විශාල පිරිවැයක් දැරීමට ද සිදු වනවා.

විශේෂයෙන්, ඇතැම් නාගරික කවුන්සිල ද නාන තටාක අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මූල්‍යමය ගැටලු රැසකට ගොදුරු වී තිබෙන බවයි පැවසෙන්නේ.

ඉන් එකක් වන ඉන්ඩිගෝ ෂයර් කවුන්සලය තුළ පවතින නාන තටාක 05 සදහා වැයවන මුදල් ප්‍රමාණය මෙම මූල්‍ය වර්ෂයේදී පමණක් සියයට 56 කින් ඉහළ ගොස් තිබෙන බවද වැඩිදුරටත් සදහන් වනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »