
වික්ටෝරියා ප්‍රාන්ත වාසීන් සදහා හදුන්වාදෙන නව නිවාස කුලී නීති ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබෙනවා.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස කුලී සාධාරණ මුදලකට මින් ඉදිරියේ අපේක්ෂා කළ හැකි බවයි විචාරකයන්ගේ මතය වන්නේ.
මේ අනුව 2021 වර්ෂයේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස කුලී මිල ගණන් සම්බන්ධයෙන් සිදුකර ඇති සංශෝධන සංඛ්‍යාව 130 ඉක්මවා යෑමද විශේෂත්වයක්.

මෙම නව ප්‍රතිසංස්කරණයත් සමඟ නිවාස කුලී සදහා ඉහළම ආරක්ෂාවක් ලබාදෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්වීමද කැපී පෙනෙනවා.
කුලී නිවසක වාසය කරන්නන්ට ඔවුන් ගෙවන මුදල සම්බන්ධයෙන් සාධාරණව කටයුතු කළ හැකි වීම මෙම සංශෝධන අතරට ඇතුලත් වන ප්‍රධානතම ලක්ෂණයයි.

එමෙන්ම නිවාස නියෝජිතයන් නිවාස හිමිකරුවන් සමඟ සාකච්ඡා කර එකඟතාවයන්ට පැමිණීම සදහා වැඩි අවස්ථාවක් ලබා දීමද විශේෂත්වයක්.
මෙම නීති කඩ කරන දේපළ වෙළද නියෝජිතයන්ට සහ තැරැව්කරුවන්ට ඩොලර් 47,422 ක උපරිමයට යටත් වන දඩ මුදලක් පැනවීමට අදාළ නීතියක්ද වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් සංශෝධන අතර වනවා.
මේ අතර තවත් වැරදි කිහිපයක් සදහාද මෙහිදී නව දඩුවම් හදුන්වා දී තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.