
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 30 ක කාලය සදහා යටිතල පහසුකම් නගාසිටුවීමට අදාළ මූලික සැලැස්ම ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ඩොලර් බිලියන 55 ක වියදමින් ආයෝජන රැසක් සිදු කිරීමට නියමිතයි.
මේ හරහා වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට ඩොලර් බිලියන 155 ක පමණ ප්‍රතිලාභ අත්කරගත හැකි බවටයි තක්සේරු කර ඇත්තේ.

එම සැලැස්මට ප්‍රමුඛතා පදනම යටතේ හදුනාගත් ව්‍යාපෘති 50 ක් ඇතුළත් කර තිබීම ද විශේෂත්වයක්.
නිවාස ඉදිකිරීම්, බලශක්ති, ප්‍රවාහන, පරිසර යන අංශ කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

විශේෂයෙන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනය සීග්‍රයෙන් ඉහළ යෑමත් සමඟ සෑම වසර 03 කටම හෝ 05 කට වරක් මෙම දළ සැලසුම් වෙනස් කිරීමට සිදුවිය හැකි බවටයි විශේෂඥයින් මත පළ කරන්නේ.