Search

ලෝකයේ සුන්දරම සිනමා ශාලා අතරට ගිය මෙල්බන් සිනමා ශාලාව

ලොව වඩාත් සුන්දරම සිනමා ශාලා 10 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිනමා ශාලාවක්ද නම් කර තිබෙනවා.

ඒ අනුව මෙල්බන් හි Astor Theatre මෙහිදී 07 වන ස්ථානයට පත්ව ඇති බවයි Timeout සඟරාව විසින් සිදුකර ඇති නවතම සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ.

මීට වසර 90 කට පමණ ඉහතදී ඉදිකරන ලද Astor සිනමා ශාලාව සැළකෙන්නේ ඔස්ට්‍රේලියාවේ පැරණිතම සිනමා ශාලාවක් ලෙසටයි.

මෙල්බන් හි සෙන්ට් කිල්ඩා ප්‍රදේශයේ ඉදිකර ඇති Astor සිනමා ශාලාවේ මේ වනවිට හිමිකාරීත්වය දරනු ලබන්නේ වයස අවුරුදු 90 ක පමණ පුද්ගලයෙකු විසින් වීම ද කැපී පෙනෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව වඩාත් සුන්දරම සිනමා ශාලාව ලෙස නම් කර ඇත්තේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි Le Grand Rex නම් සිනමා ශාලාවයි.

ඊට අමතරව නෙදර්ලන්තය, ඇමෙරිකාව, ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ හංගේරියාව යන රටවල සිනමා ශාලාද මුල් ස්ථාන 10 අතරට ඇතුලත් වනවා.

ස්පාඤ්ඤයේ සිනමා ශාලා දෙකක්ද ප්‍රංශයේ සිනමා ශාලා දෙකක්ද මුල් ස්ථාන 10 ට ඇතුලත් වී තිබීම විශේෂත්වයක්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »