
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුලු තවත් තිදෙනෙකු මාර්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.
පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවයි දැක්වෙන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා කූඨ ලේඛන සකස් කර කැලණිය ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි.
එම ඉඩම 2010 වසරේදී කිරිබත්ගොඩ නව නගරය ඉදිකිරීම සඳහා රජය වෙත පවරා ගත් භූමියක් වන බවද වැඩිදුරටත් සදහන්.
