Search

ඔස්ට්‍රේලියා A කණ්ඩායම නියෝජනය කරන්න ලාංකික ක්‍රීඩිකාවකට අවස්ථාවක්

එංගලන්ත කාන්තා A කණ්ඩායම සමඟ පැවැත්වෙන T20 තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා කාන්තා A සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සියානා ජින්ජර් නම් ක්‍රීඩිකාවද නම් කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් හි ටවුන්ස්විල් ප්‍රදේශයේ ජීවත්වන ඇයගේ වයස අවුරුදු 19 ක්.

කුඩා කල සිටම ඇය ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ දැරියක බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දස වන අදියර සදහා ක්‍රීඩා කළ සියානා ජින්ජර් එහිදී නියෝජනය කළේ Brisbane Heat කණ්ඩායමයි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සියානා ජින්ජර්ට ඉදිරියේදී ඔස්ට්‍රේලියා කාන්තා ජාතික කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් හිමි වනු ඇති බවටයි බොහෝ දෙනාගේ විශ්වාසය පළ කරන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »