
බටහිර වික්ටෝරියා හි පදිංචි 39 හැවිරිදි ගිණුම්කරණ සමාගම් අධ්‍යක්ෂකවරයෙකුට එරෙහිව ගැහැණු ළමුන් 150 කට වැඩි පිරිසකගේ Upskirt ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඩෙරෙක් ඇන්තනී ග්‍රීමා නම් අදාළ සැකකරු පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම සැකකරුට වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන්ගේ සමීප ඡායාරූප (Intimate Images) නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වනවා.

BeFinancial Accounting and Business Solutions හි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා 300 කට වැඩි ප්‍රමාණයක් එල්ල වී තිබෙන බවයි දැක්වෙන්නේ.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී එවැනි ඡායාරූප සහ වීඩියෝ 5000 කට වැඩි පිරිසක් සොයා ගැනීමට වික්ටෝරියා පොලීසිය සමත් වී තිබෙනවා.

ඒවා අතරට සිය සේවා ස්ථානයෙන් පිටත පොදු ස්ථානවල සිටි ගැහැණු ළමුන්ගේ ඡායාරූප ද ඇතුලත්.
රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අදාළ සැකකරු Ballarat මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.