
මෙල්බන් හි බටහිර පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයක ඉදි වූ ඔස්ට්‍රේලියාවේ විශාලතම පෙට්‍රල් පිරවුම්හල වෙත රියදුරන් විශාල පිරිසකගේ ආකර්ෂණය හිමි වී තිබෙනවා.
Ardeer හිදී විවෘත වූ Costo පෙට්‍රල් පිරවුම්හල සදහා ඉදි කළ නවතම ගබඩා සංකීර්ණය ලබන මාසයේදී විවෘත වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පසුගිය වර්ෂයේදී එම ගබඩාව ඩොක්ලන්ඩ් සිටි හි බටහිරින් පිහිටි Ardeer හි ඉදි කරන බවට පාලනාධිකාරිය දැනුම් දී තිබීම ද විශේෂත්වයක්.

එහි ඉන්ධන පිරවීම සදහා ස්ථාන 38 ක් නිර්මාණය කර තිබීම හේතුවෙන් රියදුරන්ට පහසුවෙන් තම වාහනවලට අවශ්‍ය ඉන්ධන පුරවා ගැනීමට අවකාශය හිමි වනවා.
මෙල්බන් අවට රියදුරන්ගේ ආකර්ෂණය දිනූ මෙම නව පෙට්‍රල් පිරවුම්හල සදුදා සිට ඉරිදා දක්වා උදෑසන 7.00 සිට සවස 8.00 දක්වා විවෘතව පවතින බවයි දැක්වෙන්නේ.

ඊට අලුතින් ඉදිවන නව ගබඩා සංකීර්ණය විවෘත වන්නේ අප්‍රේල් 9 වනදා බව ද වැඩිදුරටත් සදහන් වනවා.