Search

වික්ටෝරියාවේ අපරාධ ගැන ප්‍රාන්ත අගමැතිනිය කියන කතාව විශ්වාස කරන්න බැහැ

වික්ටෝරියා ප්‍රාන්තය තුළ පවතින ඇප නීති දැඩි කළ යුතු බවට අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් අවධාරණය කරනවා.

කෙසේ වෙතත් අපරාධවලට ගොදුරු වූවන් පෙන්වා දෙන්නේ ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරියගේ එම පොරොන්දුව වචනයකට පමණක් සීමා වූ දෙයක් වන බවයි.

දෛනිකව ඉහළ යන අපරාධ ක්‍රියාකාරකම්වලට එරෙහිව කිසිවක් සිදු කරන බවක් වින්දිතයන් විශ්වාස කරන්නේ නැහැ.

මේ අතර ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් නැවතත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැටළුවලට සවන් දී ඉදිරියේදී ක්‍රියා කරන බවයි.

මෙම කාර්යය ඉටු කිරීමට තමන් ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළ මේ වනවිට ආයුධ භාවිතය සම්බන්ධ නීති රීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »