
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිස්බන් ඇතුලු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන් දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා.
මෙම සුළි කුණාටුව ක්වීන්ස්ලන්ඩ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බවටයි කාලගුණ විද්‍යා කාර්යංශය පෙන්වා දී ඇත්තේ
කෙසේ වෙතත් අද උදෑසන විට එය තරමක් මන්දගාමී වී ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නමුත් පැයට කිලෝමීටර් 7 ක වේගයක් සහිතව සුළි කුණාටුව ගමන් කරන බවද වාර්තා වනවා.
අද රාත්‍රියේදී හෝ හෙට දිනයේදී සුළි කුණාටුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත ළඟාවනු ඇති.

බොහෝ දුරට හෙට දිනයේදී සුළි කුණාටුවෙන් කලාපය වෙත දැඩි බලපෑම් එල්ල විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
බ්‍රිස්බන් සහ සන්ෂයින් කොස්ට් අතර කලාපයට ඉන් දැඩි බලපෑමක් එල්ල විය හැකියි.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට මෙන්ම උතුරු නිව් සවුත් වේල්ස් වෙත ද ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇති.
ඒ හේතුවෙන් පාසල්, ව්‍යාපාරික ස්ථාන ඇතුලු බොහෝ සේවාවන් රැසක් වසා දමා හෝ නවතා දමා තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කාලගුණ විද්‍යාඥයින්ගේ අදහස වී ඇත්තේ එය දෙවනි මට්ටමේ නිවර්තන සුළි කුණාටුවක් විය හැකි බවයි.
මේ වනවිට බ්‍රිස්බන් ඇතුලු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන් හදිසි සේවා සමඟ එක්ව ඒ සදහා සූදානම් වනවා.
ප්‍රාන්ත හදිසි සේවා විසින් ජනතාවට දැනුම් දී ඇත්තේ හදිසි අනතුරු ඇඟවීම් කෙරෙහි මුලික අවධානයක් යොමු කරන ලෙසයි.
අද දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිස්බන් හි ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු නවතා දමන බවට Qantas සහ Virgin Australia අද උදෑසන නිවේදනය කර තිබෙනවා.
2022 වර්ෂයේදී ෆෙඩරල් රජයේ Severe Wind Assessment හි දක්වා ඇත්තේ මෙවැනි සුළි කුණාටුවක් ඇති වුවහොත් නිවාස 660,000 කට පමණ බලපෑම් එල්ල විය හැකි බවයි.
හදිසි සේවා ඔස්සේ ලබාදෙන අනතුරු ඇඟවීම් සමඟ යාවත්කාලීන වෙමින් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත හදිසි සේවා මහජනතාව දැනුවත් කර තිබෙනවා.