
අද උදෑසන මෙල්බන් CBD හි ප්‍රධාන දුම්රිය ස්ථානයක Fire Alarm නාද වීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
Fire Alarm නාද වීම හේතුවෙන් පෙරවරු 7.00 න් පසුව City Loop වල නොනවත්වා දුම්රිය ෆ්ලින්ඩර්ස් වීදිය වෙත ධාවනය කරන ලෙසට බලධාරීන් රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අදාළ සිදුවීමෙන් අනතුරුව City Loop හරහා දුම්රිය නැවත ධාවනය කිරීම ආරම්භ කර තිබෙනවා.

දුම්රිය ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ අද දිනයේදී මෙල්බන් වාසීන්ට යම් ප්‍රමාදයන්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
මෙම තත්වය සියලුම දුම්රිය සේවාවන්ට බලපා තිබෙන බවද එහි වැඩිදුරටත් සදහන් වනවා.
