
ත්‍රස්ත අවදානම වැඩිම රටවල් 50 අතරට ඔස්ට්‍රේලියාවද නම් කර තිබෙනවා.
නවතම අධ්‍යයනයකට අනුව එම රටවල් 50 ට බටහිර රටවල් ලෙස සැළකෙන රටවල් 7 ක් ද ඇතුලත් වන අතර ඔස්ට්‍රේලියාව ද ඉන් එකක් වීම විශේෂත්වයක්.
ඊයේ (05) නිකුත් කළ Global Terrorism Index 2025 (ගෝලීය ත්‍රස්ත අවදානම් දර්ශකය 2025) ට අනුව ඔස්ට්‍රේලියාව තුළ ත්‍රස්ත අවදානම බරපතල තත්වයක් ලෙසටයි හදුන්වා ඇත්තේ.

ගාසා අර්බුදය ඇතුලු මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින විවිධ ගැටුම් සහ අස්ථාවරභාවය මීට මූලික වශයෙන් බලපා තිබෙනවා.
2023 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් වාර්තා වී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ගතවූ වසර එක හමාරක කාලය තුළදී ඔස්ට්‍රේලියාව තුළ බරපතල ගණයට සැළකෙන ත්‍රස්ත ක්‍රියා 05 ක් සිදුවී ඇති බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.
ඒ අනුව වසරකට ඉහතදී ගෝලීය ත්‍රස්ත අවදානම් දර්ශකයේ 46 වන ස්ථානයේ රැදී සිටි ඔස්ට්‍රේලියාව මේ වනවිට ස්ථාන 13 ක් පහළට ගොස් තිබීම විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියාවට අමතරව ත්‍රස්ත අවදානම ඉහළම රටවල් 50 ට ඇතුලත් සෙසු බටහිර රටවල් වන්නේ ජර්මනීය, ඇමෙරිකාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ස්වීඩනයයි.