Search

තරුණයන්ට විහිළු කරන වික්ටෝරියා පොලීසිය

මෙල්බන් නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන තරුණ අපරාධ රැල්ලට හේතුව ප්‍රාන්ත නීතිවල පවතින ලිහිල් භාවය බවට අධිකරණ මනෝ විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.

මෙල්බන් හි නිරතුරුව සිදුවන නිවාස කොල්ලකෑම්, මෝටර් රථ සොරකම්, පහරදීම්, පිහි ඇනුම් ඇති අපරාධ ක්‍රියා දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි අධිකරණ මනෝවිද්‍යාඥ ටිම් වොට්සන් මුන්රෝ කියා සිටියේ.

පසුගිය වසර දෙක තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ තරුණයින් විසින් සිදුකළ අපරාධ ක්‍රියාකාරකම් 23,810 ක් පමණ වාර්තා වී තිබෙනවා.

මෙවැනි තරුණ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ඇතුලත ඇප මත මුදා හැරීමෙන් පොලීසිය එම තරුණයින්ට විහිළුවක් වී ඇති බවයි ටිම් වොට්සන් පෙන්වා දෙන්නේ.

අවුරුදු 10 ක තරම් කුඩා වයසැති දරුවන් අපරාධ සඳහා යොමුවීමට හේතුව වැඩිහිටියන් පමණක් නොව සමාජ මාධ්‍යය ද වගකිව යුතු බවයි ඔහු කියා සිටියේ.

සමාජ මාධ්‍යයන් තුළ තරුණ අපරාධකරුවන් ජනප්‍රියතාවයට ඔසවා තැබීමෙන්ද දරුවන් ඒවාට වඩාත් යොමුවන බව අධිකරණ මනෝවිද්‍යාඥවරයා පැවසුවා.

ඒ හේතුවෙන් ඇප ලබාදීම හැකිතාක් සීමා කළ යුතු බවයි අධිකරණ මනෝවිද්‍යාඥවරයාගේ යෝජනාව වන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »