Search

ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් උඩින් යන්න බිය වෙයි

ඔස්ට්‍රේලියානුවන් අතුරින් තුනෙන් එකක් පමණ ගුවන් ගමන්වල යෙදීමට බියක් දක්වන බවට නවතම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙය Trauma තත්වයක් ලෙසටයි එම වාර්තාව හදුන්වා දී ඇත්තේ.

නිරතුරුව සිදුවන ගුවන් ගමන් අනතුරු හමුවේ එම පිරිස ගුවන් ගමන්වල යෙදීමට දැඩි බියකින් පසුවන බවටද මෙම වාර්තාව හෙළිකර තිබෙනවා.

සෑම ගුවන් ගමන් ලක්ෂ 12 කට වරක් ගුවන් අනතුරක් සිදුවීමේ සම්භාවිතාවයක් පවතින බවටයි මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ.

සෑම ගුවන් ගමන් මිලියන 11කටම එකක් බැගින් මාරන්තික ගුවන් අනතුරු සිදුවීමේ අවදානමක්ද පවතින බව සදහන්.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ගුවන් සමාගම් සියල්ලම පාහේ විවිධ ආරක්ෂණ ක්‍රමෝපායන් අනුගමනය කරමින් සිටීම ද කැපී පෙනනවා.

ඒ අනුව වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය විසින් ගුවන් ගමන්වල යෙදෙන්නගේ චකිතය මඟ හැරවීම වෙනුවෙන් නව වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබෙන බවයි දැක්වෙන්නේ.

සෙසු ගුවන් සමාගම්ද එය ආදර්ශයට ගනිමින් ගුවන් ගමන්වල නිරතවීමට බියක් දක්වන්නන් වෙනුවෙන් ඉදිරියේදී විනෝදාස්වාද වැඩසටහන් හදුන්වා දීමට නියමිතයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »