
සුරතල් සතුන් ඇතිදැඩි කරන වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ස්වෝන් හිල් නාගරික කවුන්සිලය විසින් සිය බල ප්‍රදේශයේ වාසය කරන එවැනි වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට පවසා ඇත්තේ සුරතල් සත්වයෙකු ඇතිදැඩි කිරීම සදහා මින් ඉදිරියට Home Safe ID අවශ්‍ය නොවන බවයි.
ඒ අනුව සුනඛයන්, බළලුන් සහ අශ්වයන් වැනි ලියාපදිංචි කළ යුතු සත්වයන් නිවසේ තබා ගැනීම සදහා එම නාගරික කවුන්සිලයේ වාසය කරන වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට මින් ඉදිරියට Home Safe ID අවශ්‍ය වන්නේ නැහැ.

Animal Welfare Victoria විසින් මේ වෙනුවට නව නීති ඉදිරියේදී හදුන්වා දීමට නියමිතයි.
ඒ සම්බන්ධ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් හාවුන් සහ තවත් සත්ව විශේෂ කිහිපයක් නිවසෙහි ඇතිදැඩි කිරීම සදහා තවදුරටත් Home Safe ID අනිවාර්යයෙන් ළග තබාගත යුතු බවටද ස්වෝන් හිල් නාගරික කවුන්සිලයේ විසින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.