
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 13 හැවිරිදි වියේ පසුවන පිරිමි දරුවෙකු ඇමෙරිකා එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නියෝජිතයෙකු ලෙස බඳවාගෙන තිබෙනවා.
මෙලෙස රහස් ඔත්තු සේවයට බඳවාගෙන ඇත්තේ DJ නමැති බාල වයස්කාර දරුවෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මීට වසර 06 කට පෙර මෙම දරුවාට මොළය ආශ්‍රිත පිළිකා රෝගී තත්වයක් වැළදී තිබෙනවා.

කෙසේ වෙතත් එම රෝගී තත්වයෙන් ඔහු මේ වනවිට සුවය ලබා ඇති බවයි පැවසෙන්නේ.
මෙම දරුවා ඇමෙරිකානු ආරක්ෂක සේවයට එක් වීම සදහා දැඩි කැමැත්තකින් පසුවන බව ද සදහන්.

ඒ හේතුවෙනුයි ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම දරුවා එක්සත් ජනපද රහස් නියෝජිතයෙකු ලෙස බඳවාගෙන ඇත්තේ.