
ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු ඒ පිළිබඳව අද (05) නිවේදනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එය විශිෂ්ට ගමනක් බවත් එම ගමන තුළ ගතකළ සෑම මිනිත්තුවකටම තමන් ආදරය කරන බවද ස්ටීව් ස්මිත් ප්‍රකාශ කර තිබෙනවා.

එම කාලසීමාව තුළ විශ්මිත අවස්ථා මෙන්ම අපූරු මතකයන් රැසක් පැවතුණු බව ද ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව ස්මිත්ට ඉදිරියේදී T20 සහ ටෙස්ට් තරග ආකෘති කෙරෙහි මූලික අවධානයක් යොමු කිරීමට අවකාශය හිමි වනු ඇති.

2015 සහ 2023 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ස්ටීව් ස්මිත් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී තිබුණා.
2015 සහ 2021 යන වසරවල “Australian Men’s ODI Player of The Year” සම්මාන හිමි කර ගත්තේ ද ස්ටීව් ස්මිත් විසිනුයි.