
අවස්ථා දෙකකදී ශ්වසන අපහසුතාවයන්ට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛය තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බවට වතිකානුව නිවේදනය කර තිබෙනවා.
88 හැවිරිදි පාප් වහන්සේ පෙබරවාරි මැද භාගයේ සිට නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබමින් රෝහල් ගතව පසුවන බවයි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් උන්වහන්සේ කෘත්‍රීම ශ්වසන ආධාරයක් ඔක්සිජන් ලබා ගනිමින් පසුවනවා.

දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතා අත්විඳීමෙන් පසු පෙබරවාරි මස 14 වන දින පාප් වහන්සේ රෝහල් ගත කිරීමටයි පියවර ගනු ලැබුවේ.
වතිකානුව පවසන්නේ පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර තවමත් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් මිදී නොමැති බවයි.
