Search

මෙල්බන් West Gate Freeway හි වාහන ගමනාගමනයට බාධා

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් මෙල්බන් හි West Gate Freeway මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු නැවත ආරම්භ කිරීම සදහා පැයකට ආසන්න කාල සීමාවක් ගතවනු ඇති.

රථ වාහන ධාවනයේදී අවම වශයෙන් මිනිත්තු 55 ක පමණ ප්‍රමාදයක් සිදුවිය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

අදාළ සිද්ධිය හේතුවෙන් විලියම්ස්ටවුන් මාර්ගයෙන් පිටතට විහිදෙන මංතීරු 5 න් 4 ක් ම වසා දමා තිබෙනවා.

බෝල්ට් මාර්ගය දක්වා කලාපය තුළ රථවාහන පෝලිම් නිර්මාණය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »