Search

ඔස්ට්‍රේලියාවට මොකද වුණේ?

ඊයේ (04) දිනයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ වටිනා අවස්ථාව මඟ හැරී ගියා.

ඒ අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ කඩුලු 04 ක පරජයක් අත්කර ගැනීමට සිදුවීමත් සමඟයි.

ඊයේ (04) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දු වාර 49 පන්දු 03 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 264 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක ස්ටීව් ස්මිත් ලකුණු 73 ක් ද ඇලෙක්ස් කේරී ලකුණු 61 ක් ද රැස් කළා.

ලකුණු 265 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 01 ක් තුළ කඩුලු 06 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ශූරයන්ගේ කුසලානයට සහභාගී වූයේ අර්බුද රැසක් ද සමඟයි.

විශේෂයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙවර තරගාවලිය සදහා සහභාගී වූයේ නැහැ.

නායක පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, මිචෙල් මාෂ්, ජෝෂ් හේසල්වුඩ්, මාකස් ස්ටොයිනිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ද ඒ අතර වනවා.

කෙසේ වෙතත් නිත්‍ය ක්‍රීඩකයන් රැසක් නොමැතිව ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වා පැමිණීම සැබවින්ම සතුටුදායක බවටයි ක්‍රීඩා විශ්ලේෂකය්න්ගේ අදහස වී ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »

වික්ටෝරියාවේ ගෑස් අර්බුදය යළිත් උග්‍ර අතට

අධික ගෑස් මිල ගණන් සහ සීමිත සැපයුම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කර්මාන්තකරුවන් ගෝලීය වෙළඳපොළේ ගැටලු රැසකට මුහුණ දෙන බවට නවතම වාර්තාවක් හෙළිකර තිබෙනවා.

Read More »