Search

ගුවන් යානයක බෝම්බ බියක්

ගුවන් ගමනකදී කළ බෝම්බ තර්ජනයක් හේතුවෙන් බ්‍රිස්බන් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

44 හැවිරිදි මෙම සැකකරු ජනවාරි මස 14 වනදා සිඩ්නි ගුවන් තොටුපළේ සිට බ්‍රිස්බන් බලා පියාසර කරමින් සිට තිබෙනවා.

ව්‍යාජ නමකින් ගුවනේ ගමන් කරමින් සිටි මොහු දුරකථන ඇමතුමකදී බෝම්බයක් සම්බන්ධයෙන් කළ කතාබහක්, අත්අඩංගුවට ගැනීමට හේතුව බවයි සිඩ්නි හමුදා ආරක්ෂක අංශ පවසන්නේ.

පසුව ඔහු ගුවන් යානයෙන් ඉවට ගෙන ඇති අතර සෝදිසි මෙහෙයුමේදී ගුවන් යානය තුළ බෝම්බ තර්ජනයක් නොමැති බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

ගුවන් යානයකදී තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කිරීම සහ ව්‍යාජ නමකින් ගමන් කිරීම, මෙම පුද්ගලයාට එරෙහි චෝදනා වනවා.

ඔහු අද සිඩ්නි හි ඩවුනිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතයි.