Search

වික්ටෝරියානු මාර්ගවල වේග සීමාවල වෙනසක්

වික්ටෝරියානු මාර්ගවල වේග සීමාවන් වෙනස් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ් අනුව වික්ටෝරියා හි ඇතැම් මාර්ගවල වේග සීමාව 30 දක්වා අඩු කර තිබෙනවා.

වික්ටෝරියාවේ වසර 30 ක් පැවති යටිතල පහසුකම් කෙටුම්පත සංශෝධනය කිරීමේ යෝජනාවක් ලෙස මෙම නිර්දේශයට එළඹි බවයි ප්‍රාන්ත රජය පවසන්නේ. 

ළමුන් හා ප්‍රජාවගේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව වික්ටෝරියා රජය පෙන්වාදෙනවා. 

ඔස්ට්‍රේලියාවේ අවුරුද්දත් අවුරුදු 14 ත් වයසැති ළමුන්ගේ මරණ සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ මාර්ග අනතුරුයි. 

වික්ටෝරියාවේ වසරකට ළමුන් 7 දෙනෙකු මාර්ග අනතුරුවලින් මියයන අතර වසරකට ළමුන් 300 කට ආසන්න පිරිසක් බරපතල තුවාල ලබනවා.

කෙටුම්පත අනුව වික්ටෝරියා හි නිවාස, බලශක්ති, ප්‍රවාහන, සමාජ යටිතල පහසුකම් සහ පරිසරය යන ක්ෂේත්‍ර සඳහා නිර්දේශ 43 ක් ඉදිරිපත් කර ඇති බව ප්‍රාන්ත රජය ප්‍රකාශ කළා. 

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »