Search

ඔස්ට්‍රේලියා සංක්‍රමණිකයෙකුට වසර 9 ක සිර දඬුවමක්

ඔස්ට්‍රේලියා සංක්‍රමණිකයෙකුට ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් වසර 9 ක සිර දඩුවමක් නියම කිරීමට බ්‍රිස්බන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

බ්‍රිස්බන් හි නේවාසික වීසා හිමි 26 හැවිරිදි පිලිපීන ජාතිකයෙකු පසුගිය ජනවාරි මාසයේ චෝදනාවලට වරදකරු වුණා.

පිලිපීනයේ මැනිලා නුවර සිට බ්‍රිස්බන් ගුවන් තොටුපළට පැමිණි මෙම පුද්ගලයා 2023 වසරේ දී අත්අඩංගුවට පත්වුනේ ජංගම දුරකථනයේ මොහු විසින් සිදුකළ ළමා අපයෝජන සම්බන්ධ වීඩියෝ කිහිපයක් හේතුවෙන්.

මොහු විසින් අවුරුදු 9 ත් 15 ත් අතර වයස්වල පසුවන ළමුන් 4 දෙනෙකු සමග ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වූ වීඩියෝ දුරකථනය මගින් පටිගත කර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අලෙවි කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම පිලිපීන සංක්‍රමණිකයාට වසර 3 ක් යන තෙක් අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බව බ්‍රිස්බන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර සිර දඩුවම් අවසන් වීමෙන් පසු ඔහුගේ වීසා බලපත්‍රය ද අවලංගු වනු ඇති.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »