Search

දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් මෙල්බන් නගරයට

ගෝලීය තාක්ෂණයේ ප්‍රමුඛයෙකු සිය ප්‍රධාන මූලස්ථානය මෙල්බන් හි පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

ඩිජිටල් පරිවර්තනයේ ගෝලීය ප්‍රමුඛයා වන ෆස්ට්සෝස් සොලියුෂන්ස් (Firstsource Solutions) සමාගම පවසන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ දියුණුවට මෙමගින් සහය ලැබෙනු ඇති බවයි.

තාක්ෂණික ක්ෂේත්‍රයට තවත් ජාත්‍යන්තර වික්ටෝරියානුවකු බිහි කිරීම මෙන්ම ඉදිරි වසර 5 තුළ දේශීය රැකියා 400 කට වඩා නිර්මාණය කිරීමට මෙමගින් හැකි වන බවද සමාගම පෙන්වාදෙනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා, බැංකු හා මූල්‍ය සේවා, සන්නිවේදන, මාධ්‍ය හා තාක්ෂණය, සිල්ලර, අධ්‍යාපනය සහ බලශක්තිය වැනි කර්මාන්ත සමඟ සමීපව කටයුතු කිරීමෙන්, ෆස්ට්සෝස් මගින් අනෙකුත් සමාගම්වල නවෝත්පාදනයන් මෙහෙයවීමට හැකි වනු ඇති.

AI තාක්ෂණය ඔස්සේ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයින් නවතම පරිවර්තනයකට එක්කිරීමට අවශ්‍ය නව තාක්ෂණික විද්‍යාගාරයක් ද මූලස්ථානය තුළ පිහිටුවීමට නියමිතයි.

එය මෙම වසරේ අග භාගයේදී නිම කිරීමට අපේක්ෂා කරන අතර AI ඉංජිනේරු විද්‍යාව, රොබෝ තාක්ෂණය සහ ඩිජිටල් අත්හදා බැලීම් පිළිබඳ වික්ටෝරියා විශ්ව විද්‍යාල සමග එක්ව පර්යේෂණ සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

ෆස්ට්සෝස් සොලියුෂන්ස් සමාගමේ ප්‍රධාන මූලස්ථානය වික්ටෝරියාවේ අගනගරයේ පිහිටුවීම මෙල්බන් හි සමෘද්ධිමත් තාක්ෂණයක ආරම්භයක් බවයි අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පවසන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »