
ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය තවමත් අවසන් වී නැතැයි නව සංඛ්‍යාලේඛනයකින් හෙළිව තිබෙනවා.
2023/2024 වසරවල කම්කරුවන් මිලියන 5.3 ක් සේවය කරන සමාගම් සහ සංවිධාන දස දහසකගේ ස්ත්‍රී පුරුෂ වැටුප් සම්බන්ධයෙන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නියෝජිත ආයතනය අධ්‍යයනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව පිරිමින් සහ කාන්තාවන් අතර සියයට 5 ට අඩු සාමාන්‍ය වැටුපක් හිමි වන්නේ නම් ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නොමැති බවටයි පර්යේෂණයේදී සලකනු ලබන්නේ.

ස්ත්‍රී පුරුෂ වැටුප් සමානාත්මතාවයට එරෙහිව සියයට 21 ක පමණ සේවා යෝජකයින් පිරිසක් කටයුතු කරන බවද පර්යේෂකයින් සඳහන් කළා.
ඉහළ වැටුප් ගෙවන සමාගම් බොහෝදුරට පිරිමින්ට වැඩි වැටුප් ගෙවීමට කැමැත්ත පළකර තිබෙනවා.

මේ අතර ස්ත්‍රී පුරුෂ වැටුප් සමානාත්මතාවය පිළිබඳ සේවා යෝජකයින් දිරිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එම නියෝජිත ආයතනය පැවසුවා.
එකම කාර්යයක් සඳහා සමාන වැටුපක් ලබාගැනීමට ස්ත්‍රී පුරුෂ භේදයක් අවශ්‍ය නොවන බවයි ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියාසිටියේ.