
මෙල්බන් නිවසකට කඩා වැදුණු පුද්ගලයින් 3 දෙනෙකු මෝටර් රථ යතුරු කට්ටල් දෙකක් සොරාගෙන තිබෙනවා.
මෙල්බන් හි බ්ලැක්රොක් ප්‍රදේශයේ නිවසකට පැන නිවැසියන්ගේ අවධානයට ලක්වීමට පෙර මුදල් පසුම්බිය ද රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් තුන්දෙනා පෙරේදා චැඩ්ස්ටෝන් ප්‍රදේශයෙන් සොරකම් කරන ලද වාහනයකින් මෙම නිවසට පැමිණ ඇති බවයි CCTV කැමරා මගින් පොලීසිය අනාවරණය කර ගෙන ඇත්තේ.

මෙම සොරුන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙල්බන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනවා.
