Search

වික්ටෝරියා තරුණයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙයි – 4 ක් අත්අඩංගුවේ

වික්ටෝරියාවේ ආරක්ෂක නිළධාරියෙකුට දරුණු ලෙස පහරදුන් තරුණයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

බෙන්ඩිගොයින් හි වෙළඳ මධ්‍යස්ථානයක තරුණයින් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආරක්ෂක නිළධාරියාට පයින් ගසා පහරදී බිම ඇදගෙන යාමේ වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැරුණා.

වික්ටෝරියා පොලීසිය පවසන්නේ තරුණයින්ට එම මධ්‍යස්ථානයෙන් පිටතට යන ලෙස දැනුම්දීමෙන් පසුව ආරක්ෂක නිලධාරියාට පහරදීම් සිදුකර ඇති බවයි.

සිද්ධියෙන් පළාගිය තරුණයින් නව දෙනාගෙන් 4 දෙනෙකු අද උදෑසන අත්අඩංගුට ගැනීමට වික්ටෝරියා පොලීසියට හැකි වුණා.

ඔවුන් අවුරුදු 14 ත් 17 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

වික්ටෝරියාවේ මෙම තත්වය පාලනය කිරීමට පොලීසිය සමග එක්ව කටයුතු කරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »