Search

ලාඕසයේ සංචාරය කරන්න එපා – මෙල්බන් මවක් ඉල්ලයි

ලාඕසයේදී නීති විරෝධී මත්පැන් විෂවීමෙන් මරණයට පත්වූ මෙල්බන් තරුණියකගේ දෙමාපියන්, එරට සංචාරය කිරීම වර්ජනය කරන ලෙස ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

ලාඕසයේදී මෙතනෝල් මිශ්‍රිත මත්පැන් පානය කිරීමෙන් පසුගිය නොවැම්බර් මස සංචාරකයින් හය දෙනෙකු මියගිය අතර, මෙල්බන් තරුණියන් දෙදෙනෙකු ද ඒ අතර වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 12 දෙනෙකු ලාඕස රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් මුදාහැර තිබුණා.

තම දියණිය වෙනුවෙන් කිසිදු සාධාරණයක් ලාඕස රජය සිදුකර නොමැති බවයි මෙල්බන් දෙමාපියන් චෝදනා කරන්නේ.

මේ අතර විමර්ශන සදහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සහය දෙන බවට කළ ඉල්ලීම ද ලාඕස බලධාරීන් ප්‍රතිෂේප කර ඇති බව සඳහන්.

ලාඕසය වැනි ආරක්ෂාකාරී නොවන රටකට යාමෙන් වළකින ලෙස මියගිය මෙල්බන් තරුණියකගේ මවක් ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.