
ශුද්ධෝත්තම ෆැරැන්සිස් පාප් වහන්සේ මේ වනවිට අඛන්ඩව යන්ත්‍ර මගින් කෘතිම ශ්වසනය ලබාගනිමින් සිටින බව වතිකානුව පවසනවා.
සති දෙකක සිට සංකීර්ණ ශ්වසන ආසාධන තත්වයකින් මෙන්ම නිව්මෝනියාවෙන් පෙළෙන පාප් වහන්සේ අද දරුණු පසුබෑමකට ලක්ව ඇති බවයි වතිකානුව නිවේදය කරන්නේ.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි.

පසුව උන්වහන්සේගේ පෙනහලු දෙකේම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී තිබුණි.
පසුව දරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වූ අතර ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමත් සිදුකෙරුණා.
