Search

ඔස්ට්‍රේලියාවේ බර වැඩිම ගැහැණුද පිරිමි ද – අධ්‍යයනයකින් හෙළිවෙයි

2050 වනවිට ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් අඩක් අධික තරබාරුවෙන් පෙළෙනු ඇතැයි සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

මෙල්බන් හි මර්ඩොක් ළමා පර්යේෂණ ආයතනය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමුන් සහ යෞවනයන් මේ වනවිට තරබාරුකමේ වේගවත්ම සංක්‍රාන්ති කිහිපයක් පසුකරමින් සිටින බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ලෝක ස්ථූලතා දිනයේදී නිකුත්කළ මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ගැහැණු ළමුන් අධික තරබාරුවීමට වැඩි ඉඩක් පවතින බවයි.

2050 වනවිට වයස අවුරුදු 5 ත් 24 ත් අතර පුද්ගලයින් මිලියන 2.2 ක් අධික තරබාරුවෙන් පෙළෙනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

එමෙන්ම මිලියන 1.6 ක් අධික බරෙන් පෙළෙනු ඇති බවද පර්යේෂකයින් සඳහන් කළා.

2050 වනවිට ලොව පුරා දරුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරුව අත්විඳිනු ඇති බවද මෙල්බන් පර්යේෂණ කණ්ඩායම අනාවැකි පළකර තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »