
යුක්‍රේනය ඉල්ලා සිටියහොත් සාම සාධක හමුදාව යැවීම පිළිබඳ සලකා බලන බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවට එරෙහිව උදව් ඉල්ලන්නේ නම් ඔවුන්ට සහය වීමට සූදානම් බවයි ඇල්බනීස් අද මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ.
තමන් යුක්‍රේන ජනතාව සමග සිටින බවයි මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

යුක්‍රේන යුද්ධය වෙනුවෙන් මේ වනවිටත් ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් බිලියන 1.5 ක සහ ඩොලර් බිලියන 1.3 ක සෘජු හමුදා ආධාර ලබා දී තිබෙනවා.
මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට ලබාදීමට නියමිත යුධ ආධාර අත්හිටුවීමට තීරණය කර ඇතැයි ධවල මන්දිර වාර්තා පවසනවා.

යුක්‍රේනය සහ රුසියාව අතර සාමය ඉතා ඈතින් පවතින බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.