Search

මෙල්බන් දෙමහල් ගබඩාවේ ගින්න සැකද? නැත්ද?

මෙල්බන් හි විශාල ගබඩාවක හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.

අද උදෑසන 5 ට පමණ මෙම ගබඩාවේ ගින්න ඇති වූ අතර එය කිහිප වතාවක් පිපිරීමට ද ලක්ව ඇති බවයි ගිනි නිවිමේ කාර්යංශය කියාසිටියේ.

ඩ්‍රෝන යානා භාවිත කර විනාශ වූ ගබඩාවේ අභ්‍යන්තරය ගවේෂණය කරමින් ගින්නට හේතුව අනාවරණය කිරීමට යි ගිනි නිවන භටයින් මේ වනවිට උත්සහ කරමින් සිටින්නේ.

ඩූන් සයිඩ් වීදියේ ඇති මෙම දෙමහල් ගබඩාවේ ගින්න නිවීමට ගිනි භටයින් 80 කට වැඩි පිරිසක් එම ස්ථානයට ගිය බවයි එම කාර්යංශය පවසන්නේ.

මේ හේතුවෙන් බර්න්ලි වීදියේ කොටසක් ද වසා දමා තිබූ අතර මේ වනවිට එය යළි විවෘත කර තිබෙනවා.

විශාල ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න සැක සහිත ද නැත්ද යන්න තවමත් සොයාගෙන නොමැති බවයි මෙල්බන් පොලීසිය පවසන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »