Search

ඔස්ට්‍රේලියාවේ Petrol Shed සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය වෙයි

ඔස්ට්‍රේලියාවේ පූර්න ස්වයංක්‍රීය ඉන්ධන පිරවුම් හල් රටපුරා ව්‍යාප්ත කිරීමට බලධාරීන් සූදානම් වනවා.

ඔස්ට්‍රේලියාවේ විශාලතම පෙට්‍රල් අලෙවි ජාලයක් වන AMPOL විසින් U-Go නම් ඉන්ධන පිරවුම් හල් මධ්‍යස්ථාන තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ වනවිට පූර්ණ ස්වයංක්‍රීය ඉන්ධන පිරවුම් හල් 7 ක් නිව් සවුත්වේල්ස් හිදීත් ක්වින්ස්ලඩ් හි 5 ක්, දකුණු ඔස්ට්‍රේලියාවේ 4 ක් සහ වික්ටෝරියාවේ 3 ක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව තුල ඉලෙක්ට්‍රික්  වාහන ප්‍රමාණය වැඩිවීම සහ පෙට්‍රල් හල් සඳහා කැමැත්ත පළකරන සේවකයින්ගේ අඩුවීම මෙම පූර්ණ ස්වයංක්‍රීය ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට හේතුව බවයි ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය පවසන්නේ.

පැය 24 පුරාම පූර්ණ ස්වයංක්‍රීය පෙට්‍රල් හල් විවෘතව තැබීම සැලකිය යුතු අභියෝගයක් බව ඔස්ට්‍රේලියා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය පෙන්වාදෙනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »