
රට පුරා තවත් නිවාස හැත්තෑ දහසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව වික්ටෝරියා රජය පවසනවා.
අගමැති ජසින්ටා ඇලන් සහ Rail Loop ව්‍යාපෘති අමාත්‍යවරයා ඊයේ එම ස්ථානය නැරඹීමට පැමිණි අතර එහිදී ඔවුන්ගේ ඊළඟ පියවරයන් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකර තිබෙනවා.
එහිදී වික්ටෝරියා අගමැතිනි පවසා ඇත්තේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් Rail Loop ව්‍යාපෘතිය ආසන්නයේ තව තවත් නිවාස ඉදිකරන බවයි.

එමගින් ඒ අවට රෝහල්, පාසල්, සයිකල් පාත් සහ විනෝද උද්‍යාන මෙන්ම රැකියා බොහොමයක් ද ගොඩනැගෙනු ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
නව නිවාස ගොඩනැගීමට අවශ්‍ය ප්‍රජා උපදෙස් ලබාගැනීම ලබන 17 වනදා සිට ආරම්භ කරන බවද වික්ටෝරියා රජය කියාසිටියා.

එමෙන්ම වික්ටෝරියාවේ සියලු දුම්රිය මාර්ගවලට අවශ්‍ය උමං ව්‍යාපෘති 2026 වසරේ ආරම්භ කරන බවයි Rail Loop ව්‍යාපෘති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.