
අසභ්‍ය සහ ප්‍රචණ්ඩත්වයට දරුවන් යොමුකරන තාක්ෂණික සමාගම් සඳහා දැඩි දඩ මුදලක් අය කිරීමට ඔස්ට්‍රේලියා බලධාරීන් සූදානම් වනවා.
අදාල තාක්ෂණික ආයතනවලට ළමුන් ප්‍රවේශවීම සීමා කිරීමේ නීති ශක්තිමත් කිරීම සඳහා නව කේත භාවිත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමයි සැලසුම වී ඇත්තේ.
දරුවන් Online ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කිරීමට අදාල නව කේතයන් eSafety කොමසාරිස්වරයාට ලබාදී ඇති අතර එය අනුමත කිරීමෙන් පසු නීති තවදුරටත් බලාත්මක වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඒ අනුව ඕනෑම නීති උල්ලංඝනය කරන්නෙකුට ඩොලර් මිලියන 50 දඩයක් ඔස්ට්‍රේලියාව විසින් අය කරනු ලබයි.
මෙම නව කේත ක්‍රමය මගින් සමාජ මාධ්‍ය, පණිවුඩ සේවා, සෙවුම් යන්ත්‍ර (search engine) සහ ඇප් ද ආවරණය කරනු ලබනවා.

ස්මාර්ට් උපාංග සහ පරිගණක ඇතුළු අන්තර්ජාලයට ඇතුළු වන ඕනෑම උපකරණ නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන් මෙන්ම සත්කාරක සේවා සපයන්නන්ටද මෙම නීති ක්‍රියාත්මක වන බවයි ඔස්ට්‍රේලියා බලධාරීන් කියාසිටින්නේ.
සියදිව නසා ගැනීම්, ස්වයං හානි සහ කාමුක දර්ශනවලට ඇබ්බැහිවීම් වැනි හානි කර හැසිරීම් වලින් දරුවන් ආරක්ෂා කළ යුතු බවයි බලධාරීන්ගේ විශ්වාස කරන්නේ.
ඔස්ට්‍රේලියාවේ මෙම නීති පද්ධතිය මෙම වසරේ අගභාගයේදී ක්‍රියාත්මක වනු ඇති බව තාක්ෂණික බලධාරීන් අවධාරණය කළා.