Search

2026 වසරේ මෙල්බන්වලට තවත් පාසලක්

මෙල්බන් හි කොබල්බෑන්ක් ප්‍රදේශයේ නව ද්විතීක පාසලක් ඉදිකිරීමට ලේබර් රජය සූදානම් වනවා.

පවතින ශිෂ්‍ය බඳවා ගැනීම් ඉහළ යාම හමුවේ වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

වික්ටෝරියා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා අද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී ආබාධිත සිසුන් 65 දෙනෙකුට හා දරුවන් 865 කට පමණ අවශ්‍ය වන සියලු පහසුකම් සහිත පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ද්විතීක පාසලට තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක්, නව තාක්ෂණික විද්‍යාගාර මෙන්ම සංගීත හා නාට්‍ය අංශ ද ස්ථාපිත කරන බවට ඔවුන් එකඟ වී තිබෙනවා.

2024/2025 වසරේ වික්ටෝරියා අයවැයෙන් නව පාසල් ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 947.7 ක් බෙදා දී අවසන්.

ඒ අනුව 2026 වසරේ පළමු වාරයේදී මෙල්බන් හි කොබල්බෑන්ක් නව ද්විතීක පාසල විවෘත කිරීමට යි නියමිතව ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »