Search

වික්ටෝරියාවේ ජීවිතාරක්ෂාව වැඩි කරයි

වික්ටෝරියාවේ ජංගම දැඩිසත්කාර ගිලන් රථ සේවා අද සිට තවදුරටත් පුළුල් කර තිබෙනවා.

පසුගියදා සිදුකළ දැඩිසත්කාර බඳවා ගැනීම් පටිපාටියට අනුව එම සේවකයින් අද සිට සිය වෘත්තිය ආරම්භ කළ බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසන්නේ.

එමගින් වික්ටෝරියා වැසියන්ට වඩාත් සුවිශේෂ ජීවිතාරක්ෂක සත්කාර ලබාගත හැකි වනවා.

ගිලන් රථ සේවා සඳහා ලේබර් රජය ඩොලර් බිලියන 2 කට වැඩි ආයෝජනයක් සිදුකර ඇති බවද සඳහන්.

එමෙන්ම අතිරේක අතුරු වෛද්‍යවරුන් 2200 ක්, නව හෝ වැඩිදියුණු කරන ලද ගිලන් රථ මධ්‍යස්ථාන 41 ක් සහ අතුරු වෛද්‍ය විද්‍යාව සඳහා නව මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද වික්ටෝරියා රජය පියවර ගත්තා.

මෙම සේවාව නංවාලීම සඳහා 2024/2025 වික්ටෝරියා අයවැයෙන් තවත් ඩොලර් මිලියන 146 ක මුදලක් ආයෝජනය කළ බවයි වික්ටෝරියා රජය දැනුම් දෙන්නේ.