Search

අගමැති වුනොත් ඇමෙරිකාවෙන් ඉල්ලන දේ පීටර් ඩටන් කියයි

තමා අගමැති වුවහොත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුක්‍රේනය පිළිබඳ නැවත සලකා බලන්නැයි ඉල්ලා සිටින බව ඔස්ට්‍රේලියා විපක්ෂ නායක පීටර් ඩටන් පවසනවා.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර වූ සිද්ධිය පිළිබඳ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඔස්ට්‍රේලියා විපක්ෂ නායකවරයා මේ බව අනාවරණය කළේ.

එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාවට ඉතා වැදගත් මිතුරෙකු බවත් විපක්ෂ නායක පීටර් ඩටන් පැවසුවා.

නමුත් ඒකාධිපතියෙකු ලෙස ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපතිට කළ ප්‍රකාශය පීටර් ඩටන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිට යුරෝපා සංගමයේ මෙන්ම එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව වැනි රටවල සහය අවශ්‍ය බවයි පීටර් ඩටන් වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර යුක්‍රේනය සටන් කරන්නේ ඔවුන්ගේ ජාතික ස්වෛරීභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පමණක් නොව ජාත්‍යන්තර නීතියේ අධිපත්‍ය වෙනුවෙන් බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ද අවධාරණය කර තිබෙනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »