Search

ශ්‍රී ලංකා මහබැංකුවට අනුව අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (මාර්තු 3) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 188 යි ශත 38 ක සුළු ඉහලයාමක් වාර්තා වනවා.

එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ සටහන් වූයේ රුපියල් 179 යි ශත 18 ක් ලෙසයි.

ඒ අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 299 යි ශත 61 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 291 යි ශත 05 ක් වනවා.

ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ වැඩිම විකුණුම් අගය රුපියල් 192.65 ක් වු අතර අද එහි වටිනාකම රුපියල්  4 කින් පමණ පහළ යෑමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 313.86 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 301.42 ක් ලෙසයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »