Search

NSW වලටත් ඇල්ෆ්‍රඩ්ගෙන් බලපෑම්

දශක තුනකට පසු නිව් සවුත්වේල්ස් වැසියන්ට සුළි කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.

ක්වින්ස්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් පවතින ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව මෙම සතිය තුළ නිව් සවුත්වේල්ස් හි දරුණු ලෙස බලපානු ඇති බවයි කාලගුණික විද්‍යා අංශය කියාසිටින්නේ.

ඒ අනුව දකුණු බුන්ඩාබර්ග් සිට ග්‍රැෆ්ටන් දක්වා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි කාලගුණ විද්‍යාඥයින් දැනුම් දුන්නේ.

බ්‍රිස්බන් ඇතුළු මිලියන 4 ක ජනතාවකට ඇල්ෆ්‍රඩ් සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වනු ඇති බව ඔවුන් කියාසිටියා.

නිව් සවුත්වේල්ස් හි වෙරළ තීරයන් දැනටමත් වසා දමා ඇති අතර මුහුදු රළ අඩි 8 ක් දක්වා උසට ඇදී යනු ඇතැයි ජීවිතාරක්ෂකයින් සඳහන් කළා.

මේ අතර පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් සුළං හමායනු ඇතැයි ද මිලිමීටර් 300 කට අධික වැසි තත්වයක් ද නිව් සවුත්වේල්ස් ප්‍රදේශයටන්ට බලපානු ඇති බවයි කාලගුණ විද්‍යා කාර්යංශය අපේක්ෂා කරන්නේ.