
2025 වසරට නියමිත ඔස්කාර් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
97 වන ඔස්කාර් සම්මාන උළෙලේ විශිෂ්ඨතම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ අනෝරා (Anora) වන අතර හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස අනෝරා හි අධ්‍යක්ෂක ෂෝන් බේකර් පත්ව තිබෙනවා.
එමෙන්ම අනෝරා චිත්‍රපටයේ මිකී මැඩිසන් ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය දිනාගත්තා.

ද බෘටලිස්ට් සිනමා පටයේ රංගනයෙන් දායක වූ ඇඩ්‍රියන් බෝඩි, ඔස්කාර් සම්මාන උළෙළේ හොඳම නළුවා ලෙසයි සම්මාන හිමි වුණේ.
හොඳම සහය නළුවා වූයේ කීරාන් කල්කින් වන අතර “අ රියල් පේන්” (A Real Pain) ඔහු දායක වූ සිනමා පටයයි.

ඇමෙරිකානු ජාතිකයෙකු වන කීරාන්ගේ පළමු ඔස්කාර් සම්මානය මෙය වීමද විශේෂත්වයක්.
එමෙන්ම ඔහු හෝම් අලෝන් ප්‍රසිද්ධ සිනමා පටයේ ළමා නළුවා ලෙස රංගනයට දායකවීමෙන් ලොව පුරා ජනප්‍රියතාවයට පත්ව සිටිනවා.
හොඳම සහය නිළිය වන්නේ සෝයි සල්ඩානා වන අතර එමීලියා පෙරෙයිස් ඇය දක්ෂතා දැක්වූ සිනමා පටයයි.