
පර්ත් බලා ධාවනය වූ ක්වන්ටාස් ගුවන් යානයක් හදිසියේ සිඩ්නි නුවරට ගොඩබස්වා තිබෙනවා.
ගුවන් යානයේ නියමු කුටියේ දුමාරයක් හටගැනීම ඊට හේතුව බවයි ගුවන් තොටුපළ වාර්තා පවසන්නේ.
QF643 ගුවන් යානය උදේ 8.40 ට බටහිර ඔස්ට්‍රේලියාවට ගමන් කිරීමට සිඩ්නි නුවරින් පිටත් වුවද මිනිත්තු 25 කට පසු එය නැවත ආපසු පැමිණ තිබෙනවා.

සිඩ්නි ගුවන් තොටුපළ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ ගුවන් යානය කිසිදු හානියක් නොමැතිව ගොඩබැස්වූ බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.
නමුත් එවැනි දුමරායක් නියමු කුටියේ මේ වනවිට දක්නට නොමැති බව හදිසි අනතුරු අංශය පවසනවා.

කෙසේවෙතත් සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරීම් සිදුකරන බවයි සිඩ්නි ගුවන් තොටුපළ හදිසි අනතුරු අංශය ප්‍රකාශ කලේ.