
මෙල්බන් හි වැඩි වට්ටම් ලබාදෙන වෙළඳසැලකට විශාල ජනකායක් දිගු පෝලිම් ගැසී සිටින බව වාර්තා වනවා.
මෙල්බන් හි පැන්ඩා මාර්ට් වෙළඳ සැලේ දිගු වේලාවක සිට පෝලිම් වල රැඳී සිටින පාරිභෝගිකයින් කලබල කාරීව හැසිරෙන බවයි වාර්තා වන්නේ.
පාරිභෝගිකයින් වෙළඳ සැලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ දරන අතර ඇතමුන් කාර්ය මණ්ඩලයට ද හිරිහැර කර තිබෙනවා.

මේ හේතුවෙන් පොලීසිය කැඳවීමට එම වෙළඳ සැලට සිදුවූ බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.
සෙනඟ දහසක් පමණ එකවර පැමිණීමේදී සාමය පවත්වා ගැනීම අසීරු බවයි මෙල්බන් පොලීසිය කියාසිටියේ.

වෙළඳසැල දින කිහිපයක් වට්ටම් සහිතව භාණ්ඩ ලබාදෙන බවට ප්‍රචාරණය කළද පාරිභෝගිකයින් සිය ගණනක් තවමත් වෙළඳසැල වටා රොක් වී සිටින බව පැන්ඩා මාර්ට් සේවකයින් සඳහන් කළා.