
මෙල්බන් වීදි වල නිදාගන්නන්ට දඩ ගැසීමේ සැලැසුම් නැවත සකස් කිරීමට සූදානම් වනවා.
වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් මෙල්බන් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් මීට පෙර පැවති නීති වෙනස් කිරීමට යළි පියවර ගන්නා ලෙසයි.
ඒ අනුව වීදි වල නිදාගන්නන්ට නීති උල්ලංඝනය කිරීමේ නිවේදන නිකුත්කළ බවයි මෙල්බන් කවුන්සිලය කියාසිටින්නේ.

මෙය වික්ටෝරියාවේ දිනෙන් දින ඉහළ යන අපරාධවලට එරෙහිව ගත් යෝජනාවක් බව අගමැති ඇලන් පවසනවා.
විශේෂයෙන් ශාන්ත කිල්ඩා, ෆිට්ස්රෝයි වීදිය සහ ඇක්ලන්ඩ් වීදියේ, නිවාස නොමැති පුද්ගලයින් සිටින අතර එම ප්‍රදේශවලින් සාපරාධී ක්‍රියාකාරකම් බහුලව වාර්තා වනවා.

ඉඩම්, වීදි හෝ පදික වේදිකාවල නිදාගැනීම තහනම් කිරීමට අදාල නීති සංශෝධනය කිරීමේ යෝජනාවක් පෝර්ට් පිලිප් නගරය විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා.
එමගින් එම ප්‍රදේශයේ නිවාස නොමැති වූවන්ට ද මාර්ග වල කඳවුරු බැඳ සිටීමේ තහනම දීර්ඝ කර තිබෙනවා.
පෝට්පිලිප් හි 2024 වසරේ අපරාධ සිදුවීම් සියයට 11.4 කින් ඉහළ ගොස් ඇති බවයි නවතම දත්ත වාර්තාවල දැක්වෙන්නේ.