Search

වික්ටෝරියා පොලීසියෙන් $ මිලියන 01 ක මුදල් ත්‍යාගයක්

වික්ටෝරියා පොලීසිය ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබාදීමට සූදානම් වනවා.

මෙම ත්‍යාග මුදල ලබා දීමට තීරණය කර ඇත්තේ මීට වසර 27 කට පෙර උතුරු මෙල්බන් හිදී ජීවිතක්ෂයට පත්වූ Gianni “John” Furlan ගේ ඝාතනයට අදාළ නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකු වෙනුවෙනුයි.

1998 වර්ෂයේ අගෝස්තු 03 වනදා උතුරු Coburg හීදී සිය මෝටර් රථය පුපුරා යෑමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.

එවකට ඔහු 48 හැවිරිදි වියේ පසුවූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ මියගිය පුද්ගලයා ගමන් කළ මෝටර් රථයට පුපුරණ ද්‍රව්‍ය සවිකර ඇති බවටයි.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයක් වෙත චෝදනා එල්ල වී නැහැ.

මීට පෙර 2000 වර්ෂයේදී ද මෙම ඝාතනය සම්බන්ධව නිවැරදි තොරතුරක් සපයන පුද්ගලයෙකු වෙත ඩොලර් 100,000 ක මුදලක් ලබා දෙන බවට බලධාරීන් විසින් නිවේදනය කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් Crime Stoppers වෙත දැනුම් දෙන ලෙසයි බලධාරීන් ඉල්ලා සිටින්නේ.