
රට තුළ රක්ෂණ වාරික මිල ඉහළ යෑම හේතුවෙන් මෙම වසරේදී ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් තම පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ අවලංගු කිරීමේ සූදානමකින් පසුවන බවට නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ Finder විසිනුයි.
එළඹෙන අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රක්ෂණ වාරික මිල ගණන් සියයට 3.73 කින් පමණ ඉහළ යන අතර එය වසර 07 කට පසු වාර්තා කළ විශාලතම රක්ෂණ වාරික මිල ඉහළ යාමද වනවා.

මෙම සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් 1012 දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම වර්ෂයේදී ඔවුන්ගේ රක්ෂණ වාරිකය අඩු කර ගැනීමට තීරණය කර ඇති බවයි.
එම පුද්ගලයන්ගේ ප්‍රතිශතය සියයට 16 ක් වන අතර එම අගය ඔස්ට්‍රේලියානුවන් මිලියන 3.3 කට සමාන වන බවයි Finder පෙන්වා දී ඇත්තේ.

සියයට 41 කගේ අදහස වී ඇත්තේ තවදුරටත් සිය රක්ෂණ සමාගම සමග කටයුතු කිරීමට සූදානමින් පසුවන බවයි.
සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් හතරෙන් එකකට පමණ පෞද්ගලික රක්ෂණයක් නොමැති බවයි සදහන් කර ඇත්තේ.
මේ යටතේ වයස අවුරුදු 18 ත් 35 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ඔස්ට්‍රේලියානුවන් සිය සෞඛ්‍ය රක්ෂණ අවලංගු කිරීමට වැඩි ඉඩක් පවතින බවද හදුනාගෙන තිබෙනවා.
Finder හි සෞඛ්‍ය රක්ෂණ විශේෂඥ ටිම් බෙනට් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජීවන වියදම් අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානුවන් විශාල ප්‍රමාණයක් සිය සෞඛ්‍ය රක්ෂණය අවලංගු කිරීමට සූදානමින් පසුවන බවයි.