
පොලී අනුපාත ඉහළ යෑම රට තුළ පැනනැගී ඇති ජීවන වියදම් අර්බුදය සදහා හේතුවක් නොවන බවට හිටපු ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී පිලිප් ලෝව් ප්‍රකාශ කර තිබෙනවා.
දුර්වල ඵලදායිතා කාර්ය සාධන ක්‍රියාවලිය පදනම් කර ගනිමින් ඔස්ට්‍රේලියාව තුළ ආර්ථික අර්බුද රැසක් නිර්මාණය වී ඇති බවයි ඔහු මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ.
හිටපු ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානියාගේ අදහස වී ඇත්තේ දේශපාලනඥයින්ට රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍යතාවක් නොමැති බවයි.

ලබන බදාදා ජාතික ගිණුම් දත්ත නිකුත් කිරීමට පෙර ඔහු මෙම අදහස් පළ කර තිබීම ද කැපී පෙනෙනවා.
ඉදිරි ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකවානු මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.

කෙසේ වෙතත් මැයි 17 වනදාට පෙර එය පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.