Search

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සම්බන්ධ අපරාධවලින් වැඩි ප්‍රමාණයක් වික්ටෝරියාවෙන්

ඔස්ට්‍රේලියාව පුරාම දුම්කොළ නිෂ්පාදන ක්ෂේත්‍රය පාදක කරගෙන සිදුවන අපරාධ ක්‍රියාකාරම්වල වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ප්‍රධාන වශයෙන් එවැනි අපරාධ ක්‍රියාකාරකම් නිරතුරුව සිදුවන බවටයි හදුනාගෙන ඇත්තේ.

පසුගිය මාස 18 ක කාලසීමාව තුළ නීති විරෝධී දුම්කොළ වෙළදපොළේ පාලනය ලබා ගැනීමට අපරාධකරුවන් උත්සහ කර තිබෙනවා.

ඒ හේතුවෙන් දුම්කොළ වෙළඳසැල් 200 ක් පමණ විනාශ වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ෆෙඩරල් රජය ඔස්ට්‍රේලියානුවන්ගේ දුම්පානය අවම කිරීම වෙනුවෙන් දුම් වැටි සදහා අධික බදු පැනවීමට පියවර ගනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට ඩොලර් බිලියන 05 ක පමණ ආදායම් හිමි Black Market එකක් නිර්මාණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම වෙළඳපොළ පදනම් කරගෙන ලාභ උපයන සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම කිරීම සදහා විශේෂ සැලසුම් සකස් කළ යුතු බව ද වැඩිදුරටත් සදහන් වනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »