Search

ලිංගික උත්තේජන භාවිත කරන වික්ටෝරියානුවන්ට අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ පවතින Sexyland වෙළඳසැල් කිහිපයක නිසි අනුමැතියකින් තොරව ඖෂධ අලෙවි කරන බවට අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ ලිංගික උත්තේජන ඖෂධ අලෙවි කරනු ලබන ප්‍රධාන වෙළඳසැල් ජාලයක් ලෙසටයි Saxyland සැළකෙන්නේ.

මෙලෙස වික්ටෝරියා ප්‍රාන්තය පුරා නිසි අනුමැතියකින් තොරව අලෙවි කරන ඖෂධ වර්ග අතරට පෙති සහ ජෙල් වර්ග ද ඇතුලත්.

ඒවායෙන් බහුතරයක් පුරුෂයන් භාවිතයට ගන්නා ඖෂධ වර්ග වීම ද විශේෂත්වයක්.

Geelong, Hallam, Moorabbin සහ Springvale යන ප්‍රදේශවල පිහිටි Saxyland වෙළඳසැල් තුළ මෙම ඖෂධ අලෙව් කිරීම සිදු වනවා.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව එවැනි ඖෂධ අලෙවි කළ හැකි වන්නේ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය යටතේ පමණයි.

කෙසේ වෙතත් මෙම වෙළඳසැල් තුළ එම ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන්නේ නැහැ.

ඒ අනුව ඔස්ට්‍රේලියා ඖෂධ පරිපාලන අධිකාරිය ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව මෙවැනි ඖෂධ මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසටයි.

මෙලෙස අලෙවි කරන ඖෂධ වර්ග ඉන්දියාවේ සමාගම් දෙකක් විසින් නිෂ්පාදනය කරන ලද ඇති බවටයි හදුනාගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව මෙම ඖෂධ වර්ග ආනයනය, නිෂ්පාදනය, සැපයීම, සහ වෙළද දැන්විම් හරහා ප්‍රචාරණය කිරීම ද තහනම් වනවා.

මෙම ඖෂධ වර්ග පිළිබඳව නිසි තත්ව සහතිකයක් නොමැති වීම හේතුවෙන් ඒවා භාවිත කරන්නන්ට ඉදිරියේදී අතුරු ආබාධ ඇතිවිය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »